ක්වීන්ස්ලන්ඩ් රියදුරන් සහ සමාගම් විසින් වාහන ගාල් කිරීම්වලට අදාළව ගෙවීමට පවතින රථවාහන දඩ මුදල්වල එකතුව ඩොලර් මිලියන 43 කට ආසන්න බවට ගණන් බලා තිබෙනවා.
දඩ පත්‍රිකා 305,000 කට පමණ අදාළව මෙම දඩ මුදල් ගෙවීමට ඉතිරිව පවතින බවටයි හඳුනාගෙන ඇත්තේ.
එක් පුද්ගලයෙකු හෝ සමාගමක් විසින් ඩොලර් 35,000 ක දඩයක් ගෙවීමට පවතින බවටද අනාවරණය වී තිබෙනවා.
ඒ දඩ පත්‍රිකා 274 කට අදාළවයි.
පසුගිය වසරේ මෙම වකවානුව වනවිට හිගව පැවති රථවාන දඩ මුදල්වල එකතුව ඩොලර් මිලියන 40.8 ක් වූ අතර 2021 දී එය ඩොලර් මිලියන 44 කට ආසන්නව පැවතුණා.
ක්වීන්ස්ලන්ඩ් හි වැඩිම දඩ මුදලක් ගෙවීමට සිටිනුයේ බ්‍රිස්බන් හි පදිංචිකරුවන් වන අතර ඔවුන් ගෙවීමට පවතින දඩ මුදලෙහි එකතුව ඩොලර් මිලියන 12.6 ක්.
ගෝල්ඩ් කෝස්ට් නගරවාසීන් විසින් ඩොලර් මිලියන 11.16 ක දඩ මුදල් ගෙවීමට ඉතිරිව පවතින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.