Search

තවත් 300,000 කට නොමිළයේ TAFE අධ්‍යාපනය දෙන්නැයි ඉල්ලීමක්

TAFE සහ වෘත්තීය අධ්‍යාපනය හදාරන තවත් 300,000 ක පිරිසකට නොමිළයේ අධ්‍යාපනය ලබාදෙන්නැයි ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලා සිටීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.

නිපුණතා සහ පුහුණු අමාත්‍ය බ්‍රෙන්ඩන් ඔ-කොනර් සඳහන් කලේ වෘත්තීමය ක්ෂේත්‍ර සහ සත්කාරක අංශයේ රැකියා පුරප්පාඩු දහස් ගණනක් ඇතත් නියමිත කුසළතා සහිත ශ්‍රමිකයන් නොමැතිවීම ප්‍රබල ගැටලුවක් බවයි.

රෝගී සත්කාරක – aged care – child care – මෝටර් කාර්මික – පෙදරේරු වැනි රැකියා විශාල ප්‍රමාණයක උග්‍ර සේවක හිගයක් පවතින බව සඳහන්.

එහෙත් පාසල් අධ්‍යාපනය අවසන් කරන විශාල පිරිසක් විවිධ ආර්ථික ගැටලු හමුවේ මෙවැනි පාඨමාලා සඳහා යොමු නොවීම හේතුවෙන් නිපුණතාවය සහිත රැකියාලාභීන් සොයා ගැනීම අසීරු වී ඇති බවයි නිපුණතා සහ පුහුණු අමාත්‍ය බ්‍රෙන්ඩන් ඔ-කොනර් පෙන්වා දෙන්නේ.

මෙම තත්වය අඛණ්ඩව පැවතියහොත් ඉදිරි වසර කිහිපයේදී ඔස්ටේ්‍රලියාවට අතිශය උග්‍ර රැකියා පුරප්පාඩු හිගයකට මුහුණදීමට සිදුවනු ඇති බවයි ඔහුගේ ස්ථාවරය වන්නේ.

එබැවින් ප්‍රාන්ත රජයන් සහ ෆෙඩරල් රජය එක්ව වහා වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවයද නිපුණතා සහ පුහුණු අමාත්‍ය බ්‍රෙන්ඩන් ඔ-කොනර් අවධාරණය කරනවා.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »