Search

මානසික රෝග ප්‍රතිකාර ගන්නා ඔස්ට්‍රේලියානු ළමුන් සීඝ්‍රයෙන් ඉහළට

විවිධ මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නා ඔස්ට්‍රේලියානු ළමුන් සංඛ්‍යාව ගතවූ දශකයේදී සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

විශාදය – ආතතිය ඇතුලු මානසික රෝග කිහිපයක් සඳහායි මෙලෙස බාලවයස්කාර ඔස්ට්‍රේලියානුවන් විසින් මානසික ප්‍රතිකාර ලබාගෙන ඇත්තේ.

මොනෑෂ් විශ්ව විද්‍යාලය විසින් සිදුකර ඇති සමීක්ෂණයකට අනුව හෙළිවී ඇත්තේ 2013 වසරට වඩා 2021 වසර වනවිට වයස 18 ට අඩු ළමුන් මානසික රෝග සඳහා ඖෂධ ලබාගැනීම දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

2013 දී පිරිමි ළමුන් 1000 කට 34 දෙනෙකුද – ගැහැණු ළමුන් 1000 කට 25 දෙනෙකුද මානසික ප්‍රතිකාර ලබාගෙන තිබුණා.

කෙසේවෙතත් 2021 වනවිට එය පිරිමි ළමුන් 1000 කට 60 දෙනෙකුද – ගැහැණු ළමුන් 1000 කට 49 ක් දක්වාද ඉහළ ගොස් ඇති බවයි අනාවරණය වන්නේ.

මින් බහුතරය වයස අවුරුදු 13 ත් 18 ත් අතර ගැහැණු ළමුන් බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »