Matildas ට 03 වන තැනත් අහිමිවෙයි

කාන්තා පාපන්දු ලෝක කුසලානයේ 03 වන ස්ථානය සඳහා වන තරගයෙන්ද මැටිල්ඩාස් ඔස්ට්‍රේලියානු කාන්තා කන්ඩායම පරාජයට පත්වුණා.

ඒ ස්වීඩන කණ්ඩායම හමුවේ ගෝල 2-0 ක් වශයෙනුයි.

මේ අනුව මැටිල්ඩාස් කණ්ඩායම මෙවර පාපන්දු ලෝක කුසලානය නිමාවට පත් කරන්නේ 04 වන ස්ථානයට පත්වෙමිනුයි.

ඔස්ට්‍රේලියාව තුළ සෑම කාන්තා ක්‍රීඩා ඉසව්වක්ම නංවාලීම සඳහා ඩොලර් මිලියන 200 ක අමතර මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට අගමැති ඇන්තනී ඇල්බනීස් තීරණය කර තිබෙනවා.

මෙවර කාන්තා පාපන්දු ලෝක කුසලානයේදී මැටිල්ඩාස් හෙවත් කාන්තා පාපන්දු කණ්ඩායම දැක්වු දක්ෂතා සැළකිල්ලට ගෙනයි එම තීරණය ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »