Search

ක්වීන්ස්ලන්ඩ් ජනතා බදු මුදලින් සිරකරුවන්ට වෙන් කරන මුදල් ඉහළට

PRISON

සිරකරුවන් සහ රැඳවියන් වෙනුවෙන් ක්වීන්ස්ලන්ඩ් ජනතාව ගෙවන බදු මුදල් වෙන් කිරීම සැළකිය යුතු ලෙස ඉහළගොස් තිබෙනවා.

දැනට ක්වීන්ස්ලන්ඩ් සිර ගෙවල්වල වැඩිහිටි රැඳවියන් 9,500 ක් පමණ සිටින අතර එය පසුගිය වසර 10 හා සැසඳීමේදී සියයට 64 ක පමණ ඉහළයාමක් වනවා.

මෙම පිරිසගේ පහසුකම් – ගොඩනැගිලි ඉදිකිරීම් වියදම් වැනි දෑ සඳහා ඩොලර් බිලියන 1.1 ක පමණ මුදලක් වෙන් කිරීමට සිදුවී ඇති බව සඳහන්.

මේ අනුව වැඩිහිටි රැඳවියෙකු වෙනුවෙන් ක්වීන්ස්ලන්ඩ් ජනතාවගෙන් වසරකට ඩොලර් 88,000 ක පමණ මුදලක් වෙන් කිරීමටයි සිදුවී ඇත්තේ.

එමෙන්ම ප්‍රාන්තයේ තරුණ වරදකරුවන් සංඛ්‍යාවද සියයට 40 කින් පමණ වැඩිවී ඇති අතර දැනට එම සංඛ්‍යාව පවිතින්නේ 270 ක් ලෙසයි.

ඔවුන් වෙනුවෙන් මෙවර ප්‍රාන්ත අයවැයෙන් ඩොලර් මිලියන 218 ක අමතර මුදලක් වෙන් කිරීමටද ප්‍රාන්ත රජය කටයුතු කර තිබුණා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »