ක්‍රීඩා දිවියේ අනාගතය ගැන මැටිල්ඩාස් නායිකාවගෙන් ප්‍රකාශයක්

2027 වසරේදී පැවැත්වෙන මීළග කාන්තා ලෝක කුසලාන පාප්න්දු තරගාවලියට ක්‍රීඩා කිරීමටද තමන් සූදානම් බව මැටිල්ඩාස් හෙවත් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ නායිකා සෑම් කර් පවසනවා.

මෙවර තරගාවලියේදී ලද පරාජයත් සමගින් ඇය ඉවත්වනු ඇති බවට පළවු මාධ්‍ය වාර්තා වෙත ප්‍රතිචාර දක්වමිනුයි ඇය මෙම අදහස් පළකර ඇත්තේ.

මීළග ලෝක කුසලානය වනවිට තමාගේ වයස අවුරුදු 33 ක් බැවින් තවත් ක්‍රීඩා කිරීමට හැකියාව තමන් සතු බවයි ඇය සඳහන් කර සිටියේ.

මෙවර කාන්තා ලෝක කුසලාන පාප්න්දු තරගාවලියේ 03 වන ස්ථානය සඳහා ඔස්ට්‍රේලියාව සහ ස්වීඩනය අද තරග වැදීමට නියමිතයි.

පස්වරු 05.30 ට බ්‍රිස්බන් හිදීි මෙම තරගය ආරම්භ වන්නේ.

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »