
ජූලි මාසයේ ආරම්භයෙන් පසු නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල හිම කලාපවලින් සටහන්වූ ඉහළම හිමපතනය ඊයේ රාත්‍රියේ සටහන් වී තිබෙනවා.
පෙරිෂර් හිම කලාපයේ සෙන්ටිමීටර් 32 ක් උසට හිමපතනය වී ඇති අතර අනෙකුත් ස්ථානවල සෙන්ටිමීටර් 10 ත් 25 ත් අතර උසකට හිමපතනය වී ඇති බව සඳහන්.
සති අන්තය හමුවේ විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් ඇතැම් පිරිස් හරවා යැවීමටද පෙරිෂර් පාලනාධිකාරියට සිදුවී තිබෙනවා.

එහෙත් අද දිනය සඳහා කලින් ප්‍රවේශපත්‍ර වෙන් කරවා ගත් පුද්ගලයන්ට හිම කලාපයට ඇතලුවීමට කිසිදු බාධාවක් පවතින්නේ නැහැ.
මෙවර ශීත සෘතුව ආරම්භයේදී හිම කලාපවලින් සැළකිය යුතු හිම පතනයක් සටහන්වී තිබුණේ නැහැ.
