පොදු රාජ්‍ය ක්‍රීඩා සත්කාරකත්වයෙන් ඉවත්වීමට වික්ටෝරියා රජයෙන් $ මිලියන 380 ක වන්දි

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙහි සත්කාරකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය හමුවේ සිදුවු අපහසුතා වෙනුවෙන් ඩොලර් මිලියන 380 ක මුදලක් ගෙවීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිවේදනය කලේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංවිධායකයන් සමග ලන්ඩන් නුවරදී පැවැත්වු සාකච්ඡාවලදී ඇතිකරගත් එකගතාවයක් අනුව මෙම වන්දි මුදල ලබාදෙන බවයි.

කෙසේවෙතත් ප්‍රාන්ත අගමැතිවරයා ඇතුලු පාලක ලේබර් රජයේ ඉක්මන් තීරණ හමුවේ මෙලෙස අවභාවිත වනුයේ වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ගේ බදු මුදල් බවටද චෝදනා එල්ල වනවා.

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා පළමුවෙන් ඇස්තමේන්තුගත කර තිබූ මුදල ඩොලර් බිලියන 2.6 ක්.

එහෙත් එය ඩොලර් බිලියන 07 ක් වැනි අති විශාල මුදලක් බවට ඉහළ යා හැකි බවත් එවැනි මුදලක් ක්‍රීඩා උළෙලකට වියදම් කල නොහැකි බවත් දක්වමින් සත්කාරකත්වයෙන් ඉවත්වීමටයි ප්‍රාන්ත රජය පසුගිය මාසයේදී කටයුතු කලේ.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ළදරුවන්ගේ ආහාර අසාත්මිකතාවට හේතු සොයා පරීක්ෂණ

ඔස්ට්‍රේලියාවේ ළදරුවන්ගෙන් සියයට 10කට පමණ බලපාන ආහාර අසාත්මිකතා ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »