ලැව් ගිනි අවධානම පාලනය සඳහා ගුවනින් ජලය හෙළීමේ ධාරිතාව අඩු කර ඇති බවට පළවී ඇති මාධ්‍ය වාර්තා වික්ටෝරියා ගිනි නිවීම් අංශ ප්‍රතික්ෂේප කරනවා.
මාධ්‍ය වාර්තා පළවී තිබුණේ මෙවර ඒ සඳහා වෙන් කර ඇති ජලය ප්‍රමාණය ලීටර හතලිස් දහසකින් පමණ අඩු කර ලීටර්ඉ 105,000 ක් දක්වා අඩු කර ඇති බවයි.
කෙසේ වෙතත් එම චෝදනාව වික්ටෝරියා ගිනි නිවීම් අංශ විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර පෙර වසරවල ජල ධාරිතාවයම පවත්වාගෙන යන බවයි ඔවුන් සඳහන් කළේ.
කාළගුණ විද්‍යා විශේෂඥයින් අනතුරු අගවා ඇත්තේ එල්නිනෝ දේශගුණික විපර්යාසයත් සමග ඉදිරියේදී ලැව්ගිනි ඇතිවීමේ අවධානම ඉහළ යා හැකි බවයි.
2020 වසරේ ගිම්හාන සමයේ ලැව්ගිනි තත්වයත් සමග ගුවනින් ජලය හෙළීමේ ධාරිතාව පුලූල් කලයුතු බවටයි විශේෂඥයින් පෙන්වා දී තිබුණේ.
ලැව් ගිනි පාලනය සඳහා ගුවන් යානා මගින් ජලය ඉසීම එක් ක්‍රමවේදයක් පමණක් වන බැවින් අනෙකුත් අංශද පුලූල් කල යුතු බවයි කාලගුණ විද්‍යා විශේෂඥයින් පෙන්වා දෙන්නේ.