Search

Tele Health යටතේ ගබ්සා ඇතුලූ ප්‍රජනක සේවා සහන පුලූල් කරන්නැයි ඉල්ලීමක්

ටෙලි හෙල්ත් සේවාව යටතේ ගබ්සා ඇතුලූ ප්‍රජනන සේවා වෙනුවෙන් මෙඩිකෙයාර් සහන ලබාදීම තවත් පුලූල් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා.

දැනට පවතින එම සහන ප්‍රතිපාදන ලබන දෙසැම්බර් මස කල් ඉකුත්වීමට නියමිතයි.

කොවිඩ් වසංගත තත්වය හමුවේ හදුන්වාදුන් ටෙලි හෙල්ත් සේවාව මගින් ගබ්සා ඇතුලූ ලිංගික සෞඛ්‍ය සේවා රැසක් ද හඳුන්වාදෙනු ලැබුවා.

නාගරික ප්‍රදේශවල වෙසෙන කාන්තාවන්ට සාපෙක්ෂව ඉන් පිටත ජීවත් වන කාන්තාවන්ට ගබ්සාව ඇතුලූ අනෙකුත් ප්‍රජනක සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශවීමේ අවස්ථාව මේ හරහා ඉහළ මට්ටමක පවතිනවා.

කෙසේවෙතත් කාන්තාවන්ගෙන් සියයට 30 ත් 50 ත් අතර පිරිසකට දේශීය ගබ්සා සේවා වෙත ප්‍රවේශවීමට අවස්ථාව නොමැති බව සඳහන්.

මුහුණට මුහුණ හමුවීමකින් තොරව පුද්ගලයින්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා සෞඛ්‍ය සේවා ලබාදීම ටෙලිහෙල්ත් සේවයේ විශේෂත්වයයි.

ඉදියේදී ගබ්සා සහ උපත් පාලන සේවා සදහා වු ක්ෂණික දුරකතන අංකයක් ද මේ යටතේ හඳුන්වාදීමට ද නියමිතයි.

ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් ඇතුලු තානාපතිවරු රැසක් යළි ශ්‍රී ලංකාවට කැඳවයි

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයක මහ කොමසාරිස්වරු සහ තානාපතිවරු රැසක් ‍යළි ශ්‍රී ලංකාවට කැඳවයි ශ්‍රී ලංකා විදේශ සේවයේ නොවන මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් 15 දෙනෙකු යළි දිවයිනට කැඳවීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

Read More »

ප්‍රමුඛ පෙලේ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල කිහිපයක පාඨාමාලා ගාස්තුවල වෙනසක්

2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල කිහිපයකම ජාත්‍යන්තර සිසුන්ගේ පාඨමාලා ගාස්තු වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »