සරම්ප අවධානම ගැන බාලි දූපතේ සංචාරය කරන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇගවීමක්

සරම්ප රෝගය වැළදීමේ අවධානම හේතුවෙන් බාලි දූපතේ සංචාරයේදී අවධානයෙන් පසුවන ලෙස ෆෙඩරල් රජය විසින් ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු අගවනවා.

මෙතෙක් සරම්ප එන්නත ගෙන නොමැති පුද්ගලයින් විදේශගතවීමට පෙර එම එන්නත ගත යුතු බවයි සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් ලබා දෙන්නේ.

සරම්ප රෝගය ඔස්ට්‍රේලියානුවන් අතර ප්‍රචලිත රෝගී තත්වයක් නොවූවද ඔස්ටේ්‍රලියානුවන් වැඩි වශයෙන් සංචාර කරන ඉන්දුනීසියාව – ඉන්දියාව – පිලිපීනය – පකිස්ථානය සහ තායිලන්තයේ වැඩි අවධානමක් සහිත රෝගී තත්වයක් බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම මැද පෙරදිග – අප්‍රිකාව – යුරෝපය සහ මහා බ්‍රිතාන්‍යයද සරම්ප අවධානම් රටවල් ලෙසයි සැළකෙන්නේ.

මෑතකදී ඉන්දුනීසියාවේ ජකර්තා සිට සරම්ප ආසාධිතව පැමිණි පුද්ගලයෙකු හේතුවෙන් වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ස්ථාන කිහිපයක් අවධානම් ස්ථාන ලෙසද නම් කෙරුණා.

විදේශසිට පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් හට උණ, කැස්ස සහ අක්ෂි ආසාධන ඇතුළු සරම්ප රෝග ලක්ෂණ වර්ධනය වී දින තුනකට හෝ හතරකට පසු රතු ලප මතුවන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන ලෙසයි උපදෙස් ලබා දෙන්නේ.

විශේෂයෙන් වයස අවුරුදු එකට අඩු දරුවන් විදේශ සංචාර සදහා රැගෙන යෑමේදි සරම්ප එන්නත ලබාදීම අනිවාර්ය වනවා.

නිසි පරිදි එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් හට සරම්ප අවධානම අවම වන අතර විදේශ සංචාරයන්හි දී මේ සම්බන්ධව අවධානයෙන් පසුවීම ද වැදගත් වනවා.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »