Queen Victoria වෙළඳ පොලෙහි ගාස්තු ඉහළ දැමීම ගැන චෝදනා

Queen Victoria වෙළඳ පොලෙහි සේවා ගාස්තු කිහිපයක් ඉහළ දැමීමට එහි පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඇතැම් ගාස්තු මෙම වසරේ නොවැම්බර් මාසයේ සිට සියයට 04 කින් වැඩි කෙරෙන අතර තවත් ගාස්තු කිහිපයක් 2025 වසරේ ජනවාරි පළමුවනදා සිට ඉහළ දැමීමට නියමිතයි.

ඒ අනුව 2025 වසරේ ජනවාරි පළමු වනදා සිට බලාත්මක වන පරිදි පළතුරු සහ එළවළු වෙළදසැල්හී අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගාස්තුව සුලු පරිමාණ වෙළඳසැල් සඳහා ඩොලර් 1,915 දක්වාද මහා පරිමාණ වෙළඳසැල් සඳහා ඩොලර් 3,830 දක්වා ද ඉහළ යනු ඇති.

වාර්ෂික විදුලි ගාස්තුව ඉහළ දමා ඇත්තේ ඩොලර් 3,600 ක් දක්වායි.

මීට අමතරව භාණ්ඩ උපයෝගිතා, ගබඩා ගාස්තු මෙන්ම බලපත්‍ර ගාස්තුද ඉහල දැමීමට නියමිතයි.

ඩොලර් මලියන 268 ක වියදමකින් Queen Victoria වෙළඳ සංකීර්ණය වැඩි දියුණු කර ඇති බැවින් ඉහළ ආහාර සුරක්ෂිතතාවයක් වෙනුවෙන් මෙම පියවර ගත් බවයි වෙළදසැල් කළමණාකාරිත්වය පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් මෙලෙස සේවා ගාස්තු වැඩිකිරීම හමුවේ තම වෙළදාම් කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වන බවට එහි ව්‍යාපාරිකයන් චෝදනා නගනවා.

නව ගාස්තු පැණවීමත් සමග ව්‍යාපාරවලින් ඉවත් වීමට සිදුවේද යන සැකයකින් වෙළෙඳුන් පසුවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »