අනිවාර්ය ආරක්ෂණ ප්‍රමීතීන් සපුරා නොතිබීම හේතුවෙන් අන්තර්ජාලය හරහා අළෙවි වූ ළමා ඇදුම් නිශ්පාදන කිහිපයක් ආපසු කැදවා තිබෙනවා.
මෙලෙස කැදවා ඇත්තේ Oodies සන්නාමය යටතේ එන Kids Beach ඇඳුම් මාදිලි විශේෂ 06 ක්.
The Oodies in the blue tie dye, charcoal, fruit faces, avocado, happy flowers & stripe patterns යන නිශ්පාදන මෙලෙස ආපසු කැඳවා තිබෙනවා.
ගිනි ඇවිලෙන සුලූයි යන ප්‍රමිති ලේබලය සදහන් නොවීම මත මෙම නිශ්පාදන මිළදි ගත් පාරිභෝගිකයින්ට එම ඇදුම් භාවිතයෙන් වළකින ලෙස උපදෙස් ලබා දෙනවා.
අදාළ ඇගලූම් නිශ්පාදන පසුගිය 2022 වසරේ සැප්තැම්බර් මස සිට මෙම වසරේ ජුනි මස දක්වා අන්තර්ජාලය ඔස්සේ අළෙවි කර තිබුණා.
මේ වන විටත් එම ඇගලූම් නිශ්පාදන මිලදීගත් පාරීභොගිකයින් වෙත මේ පිළිබද විද්‍යුත් පණිවුඩ ඔස්සේ දැනුවත් කිරීමට පියවර ගත් බවයි Oodies ආයතනය සදහන් කළේ.
අදාළ ඇගලූම් නිශ්පාදන මිලදී ගත් පාරිභෝගිකයින්හට වැඩිදුර තොරතුරු සදහා [email protected] යන විද්‍යුත් ලිපිනය භාවිතකරමින් Oodies පාරිභෝගික සේවා මධ්‍යස්ථානය හා සම්බන්ධ විය හැකියි.