මෙල්බන් ලාංකික බෞද්ධ විහාරයක විහාරාධිපති හිමිට ලිංගික චෝදනා

මෙල්බන් හි ශ්‍රී ලාංකික බෞද්ධ විහාරයකදී බාල වයස්කාර ළමුන්ට ලිංගික අතවර සිදුකල බව කියන සිදුවීම් සම්බන්ධයෙන් එහි විහාරාධිපති හිමියන්ට චෝදනා ගොණු කර තිබෙනවා.

68 හැවිරිදි උන්වහන්සේ අද මෙල්බන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා.

1996 ත් 2004 ත් අතර සිදුවු බව කියන මෙම සිදුවීම්වලට අදාළව ගොණු කර ඇති චෝදනා සංඛ්‍යාව 13 ක්.

මෙල්බන් ගිණිකොණ දිග ප්‍රදේශයේ පිහිටා ඇති මෙම පන්සල මගින් දහම් පාසලක්ද පවත්වාගෙන ගොස් තිබූ බවයි පැවසෙන්නේ.

ස්ප්‍රිංග්වේල් සහ කීස්බරෝ යන ප්‍රදේශ ආශ්‍රිතව මෙම අපහරණයන් සිදුවී ඇති බවයි අද අධිකරණයේදී අනාවරණය වූයේ.

මෙම විහාරාධිපති හිමියන් දැනට ඇප මත සිටින අතර මීළග නඩු වාරය ලබන නොවැම්බර් 10 වනදාටයි යෙදී ඇත්තේ.

SOURCES :

https://www.abc.net.au/news/2023-08-18/naotunne-vijitha-nayaka-thero-buddhist-monk-child-sex-charges/102747926

https://www.9news.com.au/national/vijitha-naotunne-chief-monk-faces-court-child-sex-abuse-melbourne/4f2cae9c-c15c-4210-a4aa-902fac3deba3

https://www.news.com.au/national/victoria/courts-law/melbourne-buddhist-monk-vijitha-naotunne-accused-of-historical-child-abuse/news-story/f7fea02ac0db8f6c7327ac094cadb891

https://www.heraldsun.com.au/truecrimeaustralia/police-courts-victoria/melbourne-buddhist-monk-fronts-court-on-historic-child-sex-crime-charges/news-story/576b5b37815949aade4c5184b48d42df

https://dandenong.starcommunity.com.au/news/2023-08-18/monk-charged-with-child-sex-abuses/

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »