Search

බැංකු කාඩ්පත් සහ ස්මාර්ට්ෆෝන් භාවිතයෙන් පොදු ප්‍රවාහන ගාස්තු ගෙවීමට වික්ටෝරියානුවන්ට අවස්ථාව

පොදු ප්‍රවාහනයේදී බැංකු කාඩ්පත් සහ ස්මාර්ට්ෆෝන් භාවිතයෙන් පවා ගාස්තු ගෙවීමට වික්ටෝරියානුවන්ට අවස්ථාව උදාවන ළකුණු පළවී තිබෙනවා.

නාගරික ප්‍රවාහනයේදී මෙන්ම V/Line වැනි ප්‍රාදේශීය සේවා සඳහාද එය බලාත්මක කෙරෙන අතර මෙම නව ක්‍රමවේදයේ මූල්‍ය පාලන බලතල පවරා ඇත්තේ කොමන්වෙල්ත් බැංකුවටයි.

MyKi කාඩ්පත් ක්‍රමය සඳහා ඉතාම නුදුරේදී හඳුන්වාදීමට යෝජිත ප්‍රතිසංස්කරණ මාලාවට මෙම යෝජනාවද ඇතුළත් වනු ඇති.

වික්ටෝරියානුවන්ට පොදු ප්‍රවාහන ගාස්තු ගෙවීම මේ හරහා තවත් සරළ වනු ඇති බවයි කොමන්වෙල්ත් බැංකුව පෙන්වා දෙන්නේ.

ලබන දෙසැම්බර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි වික්ටෝරියා මගී ප්‍රවාහන ගාස්තු කොන්ත්‍රාත්තුව වසර 15 ක් සඳහා අමෙරිකානු සමාගමක් වෙත පිරිනමනු ලැබුවා.

ලබන වසර ආරම්භයේ සිට නව අත්හදා බැලීම් ආරම්භ කිරීමටයි සැළසුම් සකස් කර ඇත්තේ.

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »