ක්වන්ටාස් – එමිරේට්ස් දීගයට තවත් වසර 05 කට අනුමැතිය

තවත් වසර 05 ක් සඳහා ඒකාබද්ධ ගුවන් සේවා පවත්වාගෙන යාමට ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් ක්වන්ටාස් සහ එමිරේට්ස් ගුවන් සේවා සඳහා අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව – යුරෝපය – ආසියාව – මැද පෙරදිග සහ අප්‍රිකානු කලාපවල මගී ප්‍රවාහන සහ භාණ්ඩ ප්‍රවාහන සේවාවලදී 2028 වසර දක්වා තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමට එම ගුවන් සේවාවලට අවසර හිමිවනවා.

මේ හරහා ගුවන් මගීන්ට වැඩි තෝරා ගැනීම් අවස්ථා හිමිවනු ඇති බවටද අනාවැකි පළවනවා.

ඉදිරි වසර 05 තුළදී නිරතුරුව මගී ප්‍රවාහන ආදායම් සහ වියදම් පිළිබඳ වාර්තා සපයන ලෙසටත් ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් ක්වන්ටාස් සහ එමිරේට්ස් ගුවන් සේවා වෙත නියම කර තිබෙනවා.

මෙම එකගතා යටතේ වැඩිම තරගකාරීත්වයක් නිර්මාණය වනු ඇති බවට අනාවැකි පළවන්නේ දැනට මෙම ගුවන් සේවා 02 ට අමතරව නවසීලන්ත ගුවන් සේවය විසින් පමණක් ගුවන් ගමන් පවත්වාගෙන යන සිඩ්නි – ක්‍රයිස්චර්ච් මාර්ගයේයි.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

Qantas සමාගමේ ගුවන් ගමන්වල වෙනසක්

මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවලට පියාසර කිරීම වළක්වා ගැනීම සඳහා පර්ත් සහ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් මාර්ගය යළි ආරම්භ කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබෙනවා.

Read More »

රොබින්සන් කෘෘසෝ චරිතය යළි සිහිපත් කළ බේරා ගැනීම

රොබින්සන් කෘෘසෝ චරිතය යළි සිහි ගැන්වූ පුවතක් බටහිර පැසිෆික් කලාපයේ පිහිටා ඇති මයික්‍රොනීසියා නම් මිනිසුන් නොමැති දූපතකින් වාර්තා වී තිබෙනවා.

Read More »