
ඉන්ධන පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කරන ලද RAM 1500 වර්ගයේ ට්‍රක් රථ සිය ගණනක් ආපසු කැඳවා තිබෙනවා.
(1500 DS diesel model)
2014 – 2019 කාලසීමාවේදී නිෂ්පාදනය කරන ලද ට්‍රක් රථ 437 ක් මෙලෙස කැඳවා ඇති බව සඳහන්.

නිෂ්පාදනයේදී පැවති දෝෂයක් හේතුවෙන් ඉන්ධන පද්ධතියට විවිධ අපද්‍රව්‍ය එකතුවීමේ අවධානමක් මීට බලපා තිබෙනවා.
ඒ අනුව රිය ධාවනයේදී පාලනය ගිලිහී ගොස් අනතුරු සිදුවීමේ ඉහළ අවධානමක් පවතින බවටයි හඳුනාගෙන ඇත්තේ.

අදාළ RAM රථවාහනවල හිමිකරුවන්ට නොමිළයේ පරික්ෂාවක් සිදුකර ගැනීම සඳහා 1300 681 792 අංකය අමතන ලෙසටද ඉල්ලීමක් කෙරෙනවා.