Search

දියණියගේ ඉගෙනගැනීමේ ප්‍රමාදයන් නිසා ඉන්දීය පවුලක් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරන්න යයි

සිය බාල දියණියගේ ඉගෙනගැනීමේ ප්‍රමාදයන් හේතුවෙන් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් වීමේ අවධානමකට ලක්වී ඇති ඉන්දීය පවුලක් පිළිබඳ පුවතක් පර්ත් නගරයෙන් වාර්තා වනවා.

04 හැවිරිදි ඇයගේ අධ්‍යාපන වියදම් බදු ගෙවන්නන්ට බරක් වනු ඇතැයි නිගමනය කර සති 02 ක් තුළ රටින් බැහැර වන ලෙසයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඔවුන්ට දන්වා ඇත්තේ.

මෙම දැරියගේ මව අවන්හලක ප්‍රධාන සූපවේදිනිය ලෙස කටයුතු කරන අතර ඇය සහ සැමියා වසර කිහිපයකට පෙර ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තිබුණා.

ඇයට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුදුසුකම් සහිත වුවද ඔස්ට්‍රේලියාවට පැමිණ ආහාර සේවා කර්මාන්තයේ රැකියාවක නිරතවී ඇත්තේ ස්ථිර පදිංචිය ලබාගැනීමේ අරමුණ ඇතිවයි.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් එවා ඇති ලිපියේ දැක්වෙන්නේ දැරියගේ අධ්‍යාපන වියදම් සඳහා වසරකට ඩොලර් 140,000 ක වියදමක් දැරීමට බදු ගෙවන්නන්ට සිදුවනු ඇති බවයි.

මේ අතර මෙම ගැටලුවට මැදහත් වන ලෙස සංක්‍රමණ කටයුතු අමාත්‍යවරයා වෙත අභියාචනයක් යොමු කිරීමටයි මෙම ඉන්දීය පවුල පියවර ගෙන ඇත්තේ.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »