ලොව කාන්තා බිලියනපතියන් අතර 05 වන ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමිවී තිබෙනවා.
මෙරට ධනවත්ම කාන්තාව ලෙස සැළකෙන පතල් හිමිකාරිනියක වන ගීනා රයින්හාර්ට් ද ඊට ඇතුළත්.
ඇයගේ දළ වත්කම ඩොලර් බිලියන 43.17 ක් ලෙසටයි තක්සේරු කර ඇත්තේ.
ඔස්ට්‍රේලියාවට අමතරව ඉන්දියාව සහ හොංකොං රාජ්‍යයද මෙම ලැයිස්තුවේ සම 05 වන ස්ථානයෙහි පසුවනවා.
මෙහිදී පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ අමෙරිකාව විසිනුයි.
එරට සිටින කාන්තා බිලියනපතියන් ගණන 92 ක් වන අතර දෙවන ස්ථානයෙහි පසුවන චීනයේ සිටින කාන්තා බිලියනපතිනියන් ගණන 46 ක්.
ජර්මනිය 03 වන ස්ථානයේත් – ඉතාලිය 04 වන ස්ථානයේත් රැඳී සිටිනවා.