කාන්තා පාපන්දු ඉතිරි තරග ෆෙඩරේෂන් චතුරශ්‍රයේ ප්‍රදර්ශනය අත්හිටුවයි

ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ඉතිරි තරග 02 මෙල්බන් ෆෙඩරේෂන් චතුරශ්‍රයේ පුලුල් තිර යොදා ප්‍රදර්ශනය අත්හිටුවා තිබෙනවා.

පෙරේදා රාත්‍රියේ පැවති ඔස්ට්‍රේලියා – එංගලන්ත අවසන් පූර්ව වටයේ තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් කළහකාරීව හැසිරීමයි ඊට හේතුව වන්නේ.

ඉදිරියේදීත් මෙවැනි අප්‍රසන්න සිදුවීම් ඇතිවීම වළක්වාගැනීමේ අරමුණ ඇතිවයි ෆෙඩරේෂන් චතුරශ්‍රයේ පාලනාධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අනුව හෙට සහ අනිද්දා පැවැත්වෙන ලෝක කුසලානයේ ඉතිරි තරග 02 මෙල්බන් හිදී පුලුල් තිර මගින් ප්‍රදර්ශනය කෙරෙනුයේ මෙල්බන් හි AAMI ක්‍රීඩාංගණයේදී පමණයි.

පෙරේදා දිනයේදී කළහකාරීව හැසිරුණු පුද්ගලයන් දර්ශන මගින් හඳුනාගැනීමට පියවර ගෙන ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »