NSW ඇතුලු ප්‍රදේශ කිහිපයක විෂ සර්පයන් නිරීක්ෂණය ඉහළට

නිවු සවුත් වේල්ස් ඇතුලු ප්‍රදේශ කිහිපයක විෂ සහිත සර්පයන් නිරීක්ෂණය ඉහළ ගොස් ඇති බවට අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

සාමාන්‍යයෙන් ශීත සෘතුව අවසන්වී සර්පයන් පිටතට පැමිණිමට සැප්තැම්බර් පමණ ගතවන නමුත් මෙවර උණුසුම් කාළගුණය හේතුවෙන් සර්ප විශේෂ මෙලෙස පරිසරයට නිරාවරණය වීම ඉක්මන් වීමේ ප්‍රවණතාවක් පවතින බවයි උද්භිත විද්‍යා විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

එබැවින් නිවස ආශ්‍රිත පරිසරය එලිපෙහෙළි කර නිසි පරිදි නඩත්තු කර තබාගන්නා ලෙස මහජනයාට උපදෙස් ලබා දෙනවා.

උද්‍යාන සහ ළදු කැලෑ ආශ්‍රිත ප්‍රදේශවල ගමන් ගන්නා විට ප්‍රථමාධාර කට්ටලයක් රැගෙන යන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

සර්ප දෂ්ඨ කිරීමකට ගොදුරුවුවහොත් වෙලූම්පටියක් ගෙන එම ස්ථානය නිසි පරිදි වෙළීම මගින් විශ ශරීර ගතවීම පාලනය කරගත හැකි අතර කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත්.

විශ ශරීර ගතවී පළමු විනාඩි 30 තුළ නිසි ප්‍රතිකාර නොකළහොත් මාරාන්තික විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම අත්‍යාවශ්‍ය බවද සිහිපත් කෙරෙනවා.

ඔස්ට්‍රේලියාව පැරදූ ඇෆ්ගනිස්ථානයට වාර්තාගත ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදවා ඉතිහාසගත වන ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමත් සමගයි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා. Rahmanullah Gurbaz පන්දු 49කින් වේගවත් ලකුණු

Read More »

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »