වික්ටෝරියා $ 250 ක විදුලි ගාස්තු සහන අයදුම් කාලය ලබන 31 න් අවසන්

වික්ටෝරියා ප්‍රාන්තවාසීන් සඳහා ඩොලර් 250 ක විදුලි ගාස්තු සහනය අයදුම් කිරීමේ කාලය ලබන අගෝස්තු 31 වනදායින් අවසන් වනවා.

මේ සඳහා ලියාපදිංචි වීම ආරම්භ කෙරුණේ පසුගිය මාර්තු මස 24 වනදායි.

පසුගිය වසරේදී මේ සඳහා මිලියන 1.7 ක පිරිසක් ලියාපදිංචි වී තිබූ බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කලේ.

ඉහළ ගොස් ඇති ජීවන වියදම හමුවේ වික්ටෝරියා ප්‍රාන්තවාසීන් සඳහා බලශක්ති ගාස්තු සහනයක් ලෙසයි මෙම ඩොලර් 250 දීමනාව පිරිනමනු ලබන්නේ.

ලියාපදිංචිවන සෑම නිවසක් සඳහාම වසරකට එක් වරක් පමණක් මෙම දීමනාව හිමිවන බවයි වික්ටෝරියා අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් සඳහන් කළේ.

මේ වන විටත් ලියාපදිංචි වී නොමැති පාරිභෝගිකයින් හට Victorian Energy Compare වෙබ් අඩවියට පිවිස අදාල දීමනාව සඳහා ඉල්ලූම් කිරීමේ හැකියාව පවතිනවා.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »