ටෙල්ස්ට්‍රා ආදායම $ බිලියන 23 ට නගී – ලාභය බිලියන 2 යි

ටෙල්ස්ට්‍රා සමාගම විසින් ගතවූ මුල්‍ය වර්ෂය තුළ ඩොලර් බිලියන 2.1 ක ලාභයක් වාර්තා කර තිබෙනවා.

එය පසුගිය වසරට වඩා සියයට 13 ක ඉහළයාමක් බවටයි තක්සේරු කර ඇත්තේ.

පසුගිය වසරේදී ඔවුන් ලබා ඇති සමස්ත ආදායම ඩොලර් බිලියන 23 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අනුව කොටස් හිමියෙකුට එක් කොටසක් සඳහා ලැබෙන මුදලක සියයට 17 කින් වැඩිවන බව සඳහන්.

පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පාරිභෝගිකයන් සඳහා සිදුකල සියයට 07 ත් 20 ත් අතර ගාස්තු වැඩි කිරීමත් සමගයි මෙලෙස ටෙල්ස්ට්‍රා සමාගමේ ආදායම කැපී පෙනෙන ලෙස ඉහළගොස් ඇත්තේ.

කෙසේවෙතත් පසුගිය මාසයේදී රැකියා 500 ක් කපා හැරීමටද ටෙල්ස්ට්‍රා සමාගම පියවර ගනු ලැබුවා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »