අඩු සහ මැදි ආදායම් ලබන දහස් සංඛ්‍යාත පිරිසකට නිවසක් මිළදී ගැනීමට රජයෙන් සහනාධාරයක්

අඩු ආදායම් සහ මැදි ආදායම් ලබන දස දහස් සංඛ්‍යාත පිරිසකට නිවසක් මිළදී ගැනීමට ලබන වසරේ සිට රජයෙන් සහනාධාරයක් ලබාදෙන බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

බ්‍රිස්බන් නුවරදී අද ආරම්භ වූ ලේබර් පක්ෂ සමුලුව අමතමින් ඔහු කියාසිටියේ සුදුසුකම් සහිත ඔස්ට්‍රේලියානුවන්ට අලුතින්ම ඉදි කරන නිවසක පිරිවැයෙන් සියයට 40 ක උපරිමයක් දක්වා වන සහනයක් මේ යටතේ ලබාගත හැකි වනු ඇති බවයි.

දැනටමත් ඉදි කර ඇති නිවසක් මිළදී ගැනීමේදී හිමිවන උපරිම සහනය සියයට 30 ක් වනු ඇති.

මේ සඳහා සුදුසුකම් ලැබීමට නම් තනි ඔස්ට්‍රේලියානුවෙකු විසින් වසරකට ඩොලර් 90,000 කට අඩුවෙන්ද යුවළක් විසින් නම් වාර්ෂික ඒකාබද්ධ ආදායම ඩොලර් 120,000 ට අඩුවෙන්ද ලැබිය යුතුයි.

එමෙන්ම මිළදී ගැනීමට බලාපොරොත්තු වන දේපළෙහි වටිනාකම එක් එක් ප්‍රාන්තය අනුව වෙනන් වනු ඇති.

මෙම යෝජනාව පසුගිය වසරෙ පැවති ලේබර් පක්ෂ ෆෙඩරල් මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන පොරොන්දුවක් බවටද පත්වී තිබුණා.

මේ අතර ඉදිරි වසර 05 තුළදී නිවාස ලක්ෂ 12 ක් ඉදි කර අවසන් කිරීමටයි ඊයේ පැවති ජාතික කැබිනට් මණ්ඩලයේදී සියලු ප්‍රාන්ත අගමැතිවරුන් විසින් ෆෙඩරල් රජයට අවසර දෙනු ලැබුවේ.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »