ඔස්ට්‍රේලියාවේ විරැකියාව 3.7% දක්වා ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය පසුගිය ජූලි මාසයේදී සියයට 3.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය ජූනි මාසයේදී පැවතී ඇත්තේ සියයට 3.5 ක් ලෙසයි.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල නවතම දත්ත වාර්තා අනුව පසුගිය මාසයේදී රැකියා නොමැති පිරිස 36,000 කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත් සමස්තයක් ලෙස වසරකට පෙර පැවති තත්වයට වඩා මේ වනවිට රැකියාවල නිරත වී සිටින පිරිස 387,000 කින් පමණ ඉහළ අගයකයි පවතින්නේ.

ජූලි මාසයේදී පාසල් නිවාඩුව පැවතීමත් – පාසල් ආශ්‍රිත රැකියා නිරතවීම්වල තරමක අඩුවක් පෙන්නුම් කිරීමත් විරැකියාව ඉහළයාමට සෘජුව බලපා තිබෙනවා.

විරැකියාව ඉහළයාමත් සමග ලබන මාසයේ පොළී අනුපාතික අගයන් පවතින තත්වයේම පවතිනු ඇති බවටයි තවදුරටත් අනාවැකි පළවන්නේ.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »