Matildas පරාජයෙන් පසු කළහ කල මෙල්බන් පිරිසකට දඩ – සිඩ්නි දුම්රිය ප්‍රමාදය ගැනත් විමර්ශනයක්

ඊයේ රාත්‍රියේ පැවති ඔස්ට්‍රේලියා – එංගලන්ත කාන්තා පාපන්දු කණ්ඩායම් අතර තරගයෙන් පසු මෙල්බන් සහ සිඩ්නි නගරවලදී කළහකාරීව හැසිරුණු ප්‍රේක්ෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.

මින් වැඩිම කළහකාරී සිදුවීම් වාර්තා වී තිබුණේ මෙල්බන් ෆෙඩරේෂන් චතුරශ්‍රයේදීයි.

10,000 කට අධික පිරිසක් එම ස්ථානයට එක්රැස්ව සිටි අතර 3-1 ක් ලෙස ඔස්ට්‍රේලියාව තරගය පරාජයවීමත් සමග ඔවුන් නොසන්සුන්ව හැසිරී ඇති බව සඳහන්.

ඒ අනුව වයස අවුරුදු 16 ත් 23 ත් අතර තරුණයන් 04 දෙනෙකුට ඩොලර් 962 බැගින් දඩ නියම කර ඇති අතර සී සී ටී වී දර්ශන පරීක්ෂාවෙන් පසු හඳුනාගන්නා තවත් පිරිස් වෙත ඉදිරියේදී නීතිමය පියවර අනුගමනය කිරීමට නියමිති.

මේ අතර තරගයෙන් පසු සිඩ්නි දුම්රියකට අලාභහානි සිදුකල දෙදෙනෙකුට චෝදනා ගොණු කර තිබෙනවා.

සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩාංගණයේ පැවති තරගය නැරඹීමට පැමිණි විශාල පිරිසක් දුම්රිය නොමැතිවීම හමුවේ අපහසුතාවයට පත්වූ බව සඳහන්.

ඇතැමුන්ට දුම්රියකට පිවිසීම සඳහා අද අලුයම 01 පමණ වන තුරු බලා සිටීමට සිදුවූ බවටයි වාර්තා පළවන්නේ.

ඊයේ රාත්‍රියේ සිඩ්නි නගරයේ දුම්රිය ප්‍රමාදය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවටයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් සහතික වී ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »