DoorDash වෙත $ මිලියන 02 ක දඩයක්

මෙරට තුළ ජනප්‍රිය ආහාර බෙදා හැරීමේ සේවාවක් වන DoorDash (ඩෝ ඩෑෂ්) වෙත ඔස්ට්‍රේලියානු මාධ්‍ය සහ සන්නිවේදන අධිකාරිය විසින් ඩොලර් මිලියන 2 ක දඩයක් නියම කර තිබෙනවා.

ඒ පාරිභෝගික අනුමැතියකින් තොරව ප්‍රවර්ධන ඊ-මේල් 566,000 ක් සහ දුරකථන කෙටි පණිවිඩ 515,000 ක් යොමු කිරීම සම්බන්ධයෙනුයි.

පසුගිය වසරේ පෙබරවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළදී යවා ඇති බව පැවසෙන මෙම ඊ-මේල් අන්තර්ගතයෙහි පහසුකම තිබුණද කෙටි පණිවිඩ වල එම පහසුකම ඇතුළත් කර නොතිබූ බවටද චෝදනා එල්ල වනවා.

මින් ඉදිරියට පාරිභෝගිකයන් වෙත යොමු කරන ප්‍රවර්ධන පණිවිඩ සියල්ලෙහි එම පහසුකම ඇතුළත් කල යුතු බවටයි ඔස්ටේ්‍රලියානු මාධ්‍ය සහ සන්නිවේදන අධිකාරිය විසින් වෙත වැඩිදුරටත් නියම කර ඇත්තේ.

කොමන්වෙල්ත් බැංකුව – ඔප්ටස් සමාගම – වූල්වර්ත්ස් වෙළඳ සැල් ජාලය වෙතද මීට ඉහතදී මෙවැනිම දඩ පණවනු ලැබුවා.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »