Search

ඉදිරි මාස 12 දී ඔස්ට්‍රේලියාව අනිවාර්යයෙන්ම ආර්ථික අවපාතයකට ?

ඉදිරි මාස 12 තුළදී ඔස්ට්‍රේලියාව අනිවාර්යයෙන්ම ආර්ථික අවපාතයක් කරා ගමන් කරනු ඇති බවට ආර්ථික විද්වතුන් පිරිසක් අනතුරු අගවා තිබෙනවා.

සියයට 90 කට වැඩි පිරිසකගේ ස්ථාවරය වී ඇත්තේ ඉදිරි වසර 02 තුළදී අනිවාර්යයෙන්ම ආර්ථික අවපාතයක් ඇති වන බවයි.

ඉදිකිරිම් ක්ෂේත්‍රයේ පසුබෑම් – ප්‍රබල සමාගම් ව්‍යාපාර කටයුතු අත්හිටුවීම් වැනි දෑ හරහා මෙහි අවධානම නිරූපණය වන බවයි මෙම සමීක්ෂණයේදී හෙළිවී ඇත්තේ.

ඉහළ යන භාණ්ඩ මිළ ගණන් සහ වැටුප් වැඩි කිරීම් හමුවේ ව්‍යාපාර පවත්වාගෙන යාමට අපහසු තත්වයක් උදාවී ඇති බවයි ආර්ථික විද්වතුන් සඳහන් කර සිටින්නේ.

මෙම සමීක්ෂණයට සහභාගී වූ ආර්ථික විද්වතුන් අතුරින් සියයට 43 ක් වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරන්නන් වන අතර සියයට 36 ක් නිවු සවුත් වේල්ස් සහ සියයට 12 ක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය නියෝජනය කරනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී සිදුකල සමීක්ෂණයේදී ආර්ථික අවපාතයක් පිළිබඳ අනතුරු අගවා තිබුණේ සහභාගී වූ ආර්ථික විද්වතුන් අතුරින් සියයට 27 ක් පමණයි.

SOURCES : https://www.abc.net.au/news/2023-08-16/australian-recession-predicted-by-businesses/102737396

https://www.9news.com.au/finance/recession-update-insolvencies-company-collapses-australia-interest-rates/3a1ff6e0-faa8-4359-ac9d-d4d7ae88f02b

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »