කහ ආශ්‍රිත ඖෂධ භාවිතයෙන් අක්මා ආසාධන ඇතිවීමේ අවධානමක්

අමු කහ හෝ කහ ආශ්‍රිත මූලද්‍රව්‍ය අඩංගු ඖෂධ භාවිතයෙන් අක්මා ආසාධන ඇතිවීමේ අවධානමක් පවතින බවට ඔස්ටේ්‍රලියානු ඖෂධ අධිකාරිය සිදුකල නවතම සොයාගැනීමකින් හෙළිවී තිබෙනවා.

එම ද්‍රව්‍ය දෙකම හෝ එකක් පමණක් අඩංගු ඖෂධ ලබාගත් ඔස්ට්‍රේලියානුවන් සම්බන්ධ සිදුවීම් 18 ක් පමණ පිළිබඳ මේ වනවිට පැමිණිලි ලැබි ඇති බව සඳහන්.

සෞඛය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම ද්‍රව්‍ය ශරීරගතවීමෙන් අක්මාව තුවාලවීමේ අවධානමක් පවතින අතර ඇතැම් අවස්ථාවල පුද්ගල ජීවිතයටද තර්ජනයක් වූ බවයි.

බෙහෙත් වට්ටෝරුවකින් තොරව සුපිරි වෙළඳසැල් සහ ෆාමසි වලින් මෙම මූලද්‍රව්‍ය අඩංගු ඖෂධ හෝ නිශ්පාදන මිලදී ගැනීමට හැකියාව පවතින බැවින් ඒ සම්බන්ධ වාරණයක් ක්‍රියාත්මක විය යුතු බවද සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.

ඔස්ටේ්‍රලියාව තුළ අලෙවි කරන ඖෂධ වර්ග 600 කට අධික ප්‍රමාණයක කහ හෝ අමු කහ යන මූලද්‍රව්‍ය දෙකම හෝ එකක් අඩංගු වී ඇති බව මේ වන විට සොයාගෙන තිබෙනවා.

අක්මා රෝග ආශ්‍රිත ලක්ෂණ ලෙස සමේ හෝ ඇස්වල කහ පැහැය, මුත්‍රා අවර්ණ පැහැයක් ගැනීම, ඔක්කාරය සහ වමනට තෙහෙට්ටුව වැනි ලක්ෂණ ලෙස නම් කර තිබෙනවා.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »