මදුරුවන්ගෙන් බෝවන වෛරසයක් ගැන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන්ට අනතුරු ඇගවීමක්

මදුරුවන්ගෙන් බෝවන රොස් රිවර් වෛරසය ආසාධනය සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන්ට අනතුරු ඇගවෙනවා.

ප්‍රාන්තයේ ගිණිකොන දෙසින් වන බ්‍රිස්බන් හි උද්‍යාන ආශ්‍රිතව මෙම මදුරුවන් විශේෂය සීඝ්‍රයෙන් බෝවී ඇති බව සඳහන්.

අධික උණ, හිසරදය, ඇගපත වේදනා, හන්දිපත් රුදාව, ඔක්කාරය සහ සමෙහි ලප ඇතිවීම මෙහි රෝග ලක්ෂණ බවටයි සොයාගෙන ඇත්තේ.

වෛරසය වැළදී රෝගීන් සති කිහිපයකින් සුවය ලබන නමුත් දිගුකාලීන තෙහෙට්ටුව, වේදනාව එහි අතුරු ප්‍රතිඵල ලෙස පැවතිය හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

රොස් රිවර් වෙරසය සඳහා එන්නතක් හෝ ඖෂධයක් මෙතෙක් සොයාගෙන නැහැ

මේ වන විට රොස් රිවර් වෛරසය නාගරීක ප්‍රදේශ වලට ද පැතිර යාමේ අවධානමක් පවතින බැවින් නාගරික ජනතාව ද අවධානයෙන් පසුවිය යුතු බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.

1940 දශකයේදී ක්වීන්ස්ලන්ඩ් ගිණිකොන ප්‍රදේශය ඩෙංගු මදුරු උවදුර තුරන් කල ප්‍රදේශයක් ලෙස නම් කර තිබුණා.

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »