ඔස්ට්‍රේලියාවේ පළමු අංශක 270 ක සිනමා ශාලාව ක්වීන්ස්ලන්ඩ් හිදී

ඔස්ට්‍රේලියාවේ පළමු අංශක 270 ක පරාසයකින් යුත් සිනමා ශාලාව ක්වීන්ස්ලන්ඩ් හිදී විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ScreenX ලෙස නම් කර ඇති multi projection ඝණයට අයත් මෙම සිනමා තිරයෙහි දිග මීටර 67 ක්.

ප්‍රධාන තිරයට අමතරව දෙපසින් පැති තිර භාවිත කිරීමෙන් ප්‍රේක්ෂකයාට අදාළ ජවනිකා ස්ථානයෙහි සිටින ආකාරයේ අත්දැකීමක් මෙහිදී ලබා ගැනීමට හැකියාව හිමිවනවා.

ගෝල්ඩ් කෝස්ට් හි ඉදි කරන ලද මෙම සිනමා ශාලාව මෙම සතියේ දී විවෘත කිරීමට නියමිතයි.

කෙසේවෙතත් මෙහි ප්‍රදර්ශනය කල හැකි වනුයේ අංශක 270 ක පරාසයක ප්‍රදර්ශනය සඳහා විශේෂිත උපකරණ භාවිත කරමින් රූගතකිරීම් කල චිත්‍රපට පමණක් වීම විශේෂත්වයක්.

මෙම වසර අවසානයේ අංශක 270ක පුලූල් පරාසයකින් යුත් තවත් සිනමා ශාලා ඔස්ට්‍රේලියාවේ වීවෘත කිරීමට ද අපේක්ෂිතයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »