Search

ඉදිරි වසර 05 දී නිවාස මිලියන 1.2 ක් ඉදිකිරීමට ජාතික කැබිනට් අනුමැතිය

ඔස්ට්‍රේලියාව තුළ පවතින දැඩි නිවාස අර්බුධයට පිළියම් ලෙස ඉදිරි වසර 05 තුළදී නිවාස මිලියන 1.2 ක් ඉදි කර අවසන් කිරීමට ජාතික කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය ලැබී තිබෙනවා.

මේ සඳහා අමතර ඩොලර් බිලියන 03 ක මුදලක් වෙන් කිරීමට අද පැවති කැබිනට් මණ්ඩලයේදී එකගතාවය පළවු බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ.

මේ හරහා ඔස්ට්‍රේලියාවේ නිවාස හා කුලී නිවාස අර්බුදයට පිළියම් ලැබෙනු ඇති බවටද ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු කියාසිටියා.

නව නිවාස යෝජනා ක්‍රමයට අනුව සැලසුම් කිරීම, කලාපකරණය, ඉඩම් නිදහස් කිරීම හා දැරිය හැකි මිළදී ගැනිම් යන සංකල්ප යටතේ නිවාස ඉදිකිරීමට නියමිතයි.

ඉඩම් හිමියන්ට සහ කුලී නිවාස හිමි පුද්ගලයින් වෙත නිවාස කුලී සීමා පැනවීම මගින් නොව නව නිවාස ඉදිකිරීම මගින් පමණක් නිවාස අර්බුධයට පිළියම් ලැබෙන බවයි අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් වැඩිදුරටත් සදහන් කලේ.

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »