මුදල් නොගෙවා භාණ්ඩ ගෙනයාම වළකන්න Woolworths වෙතින් අලුත් වැඩක්

වෙළඳසැල් තුළ සිදුවන සොරකම් අවම කිරීම සදහා Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් නව ආරක්ෂක ක්‍රමෝපායක් ආරම්භ කර තිබෙනවා.

නවීන තාක්ෂණික සංවේදක (sensors) උපයෝගී කරගනිමින් පාරිභෝගිකයින් මෙන්ම භාණ්ඩ ආරක්ෂා කර විශ්වසනීය සේවාවක් ලබාදීම එහි අරමුණයි.

නව අත්හදාබැලීම් වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් හි Woolworths අලෙවිසැල් 06 කදී සිදු කිරීමට නියමිතයි.

වෙළඳ සැලක ගෙවීම් කවුන්ටර කලාපයට ඇතුල්වන පාරිභෝගිකයා හට ඩිජිටල් හැඳුනුම් අංකයක් ලබා දෙන අතර භාණ්ඩ සඳහා මුදල් ගෙවා අවසන් වන තෙක් ඔවුන්ට ඉහළින් ඇති සංඥාව රතු පැහැයෙන් දිස්වනු ඇති.

නිසි ලෙස මුදල් ගෙවීම අවසන් වීමත් සමග එය කොළ පැහැයට හැරීම මෙහි ඇති ක්‍රමවේදයයි.

අදාල සංඥාව කොළ පැහැයෙන් දිස්වන විටදී පමණක් පාරිභෝගිකයාට වෙළඳ සැලෙන් පිටවිය හැකි පරිදි දොරටු ස්වයංක්‍රීයව විවෘත වන අතර පාරිභෝගිකයා වෙළඳ සැලෙන් පිටවීමත් සමග එම ඩිජිටල් හැඳුනුම් අංකය ස්වයංක්‍රීයව අක්‍රීය වනු ඇති.

නව ආරක්ෂිත පිළිවෙත කාර්ය මණ්ඩලයට සහ පාරිභෝගිකයින්ට ගැටලූවක් නොවන අතර මුදල් නොගෙවා භාණ්ඩ ගැනීමට පැමිණෙන පුද්ගලයින් වෙත පමණක් සංවේදී වන බවයි Woolworths සුපිරි වෙළඳසැල් ජාලය පෙන්වා දෙන්නේ.

මෙම ක්‍රියාවලිය ඉදිරියේදී සමස්ථ Woolworths වෙළඳ ජාලය වෙත ව්‍යාප්ත කිරීමට නියමිතයි.

ජනතාවට සහන ගේන්න සුපිරි වෙළඳසැල්වලට නව නීතියක්

පාරිභෝගිකයන්ගෙන් මෙන්ම සැපයුම්කරුවන්ගෙන් අඛණ්ඩව එල්ලවන විවිධ චෝදනා හමුවේ මහා පරිමාණ සුපිරි වෙළඳසැල් සඳහා නව නීති ගෙන ඒමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »