
ඊයේ රාත්‍රියේ දිනුම් අදින ලද Oz Lotto ලොතරැයියේ පළමු ත්‍යාගය වන ඩොලර් මිලියන 30 ක මුදල ටස්මේනියාවේදී අලෙවි කල ලොතරැයියකට හිමිවී තිබෙනවා.
එම ජයග්‍රාහී ලොතරැයිපත ලියාපදිංචි කර නොමැති වීම හේතුවෙන් ජයග්‍රහකයාගේ අනන්‍යතාව මෙතෙක් සොයා ගැනීමට හැකිවී නැහැ.
මෙවර ජයග්‍රාහී අංක වනුයේ 23, 6, 27, 41, 8, 24 සහ 47යි.

ප්‍රසාද අංක වනුයේ අංක 4, 13 සහ 28 සඳහන්.
ජයග්‍රාහී ටිකට්පත සතු අයෙකුට 131 868 යන ක්ෂණික දුරකතන අංකය අමතා ඒ පිළිබද දැනුවත් කර මුදල් ත්‍යාගය ලබා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට හැකියාව පවතිනවා.

මෙලෙස පළමු ත්‍යාග ජයග්‍රහනයක් හිමිවීමේ සම්භාවිතාව දිනුම් ඇදීම් වාර 06 කෝටි 28 ලක්ෂ 91 දහස් 499 කින් එකක් වීම ද විශේෂත්වයක්.