අසාත්මිකතා අවධානමක් හේතුවෙන් රටකජු ආශ්‍රිත නිශ්පාදනයක් ආපසු කැඳවයි

අසාත්මිකතා අවධානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ වෙළඳසැල් රැසක අලෙවිය සඳහා තිබු රටකජු ආශ්‍රිත කෙටි ආහාර නිශ්පාදනයක් ආපසු කැඳවා තිබෙනවා.

මෙලෙස ආපසු කැඳවා ඇත්තේ බ්‍රිතාන්‍යයේ නිශ්පාදිත Love Raw Peanut Butter Cups නම් නිෂ්පාදනයයි.

මෙහි අන්තරගත අමුද්‍රව්‍ය අතරට ග්ලූටන් අඩංගු වුව ද ඒ පිළිබද අන්තර්ගත පැකට්ටුවේ සඳහන් නොවීම හමුවේ මෙම නිෂ්පාදන ආපසු කැඳවු බවයි සඳහන් වන්නේ.

ග්ලූටන් ආසාත්මීකතා ඇති පුද්ගලයින් මෙම නිශ්පාදනය අනුභව නොකරන ලෙසටයි වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ.

Butter Cups නිශ්පාදනයේ කිරී රසැති නිශ්පාදනයේ කල් ඉකුත්වීමේ දිනය 2024 පෙබරවාරි 09 සහ 10 ලෙස සඳහන් පැකට්ටුද එම නිශ්පාදනයේ ම සුදු චොකලට් රසැති නිශ්පාදනයේ කල්ඉකුත්වීමේ දිනය 2023 අගෝස්තු 28 සහ 2024 පෙබරවාරි 14 ලෙස සඳහන් පැකට්ටු ද මෙලෙස ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අදාළ නිශ්පාදන මිලදී ගත් පාරිභෝගිකයින් වෙතොත් එම නිශ්පාදන මිලදී ගත් වෙළඳසැල වෙත භාර දී මුදල් ආපසු ලබා ගැනීමට හැකියාව පවතිනවා.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 02 8017 2400 දුරකතනය අංකය මගින් හෝ ඇප්ප්‍රෝමෝ ට්‍රේඩින් පුද්ගලික සමාගමේ නිල වෙබ් අඩවියට පිවිස දැනගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව පවතිනවා.

සති අන්තයට සූදානම් වන මෙල්බන් ජනතාවට කාලගුණයෙන් දැනුම්දීමක්

මෙල්බන් ඇතුලු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්වය මෙම සති අන්තයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කරනවා.

Read More »

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »