Matildas වෙළඳ සළකුණු අලෙවිය කැපී පෙනෙන ලෙස ඉහළට

කාන්තා පාපන්දු ලෝක කුසලානයේ උණුසුම ඉහළයාමත් සමග මැටිල්ඩාස් හෙවත් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ වෙළඳ සළකුණු අලෙවිය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

විශේෂයෙන් eBay වැනි අන්තර්ජාල අලෙවි ජාල හරහා සිදුකරන එවැනි මිළදී ගැනීම් පසුගිය සතියට සාපේක්ෂව සියයට 26 කින් වර්ධනය වී ඇති බවයි අනවරණය වන්නේ.

අවසන් පූර්ව වටයට පිවිසීමත් සමග මැඩිල්ඩාස් ලාංඡනය සහිත ස්කාෆ් අලෙවිය දින 02 ක් තුළදී සියයට 2650 කින් ඉහළ ගොස් ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණ වාර්තාවල දැක්වෙන්නේ.

ජර්සි අලෙවිය 04 ගුණයකින් / හිස් වැසුම් අලෙවිය දෙුණයකින් සහ මැටිල්ඩාස් සළකුණු සහිත පාපන්දු අලෙවිය සියයට 50 කින් ඉහළ ගොස් ඇති බවද සඳහන්.

අර්ධ අවසන් පූර්ව වටය වනවිට මැටිල්ඩාස් කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියා ජාතික ආර්ථිකයට දායකත්වය සපයා තිබූ මුදල ඩොලර් බිලියන 7.6 ක් ලෙසටයි තක්සේරු කර තිබුණේ.

ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ වාහන අනතුරුවලට ලක්වෙයි

හිටපු අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා සහ රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථ දෙකක් ප්‍රදේශ දෙකකදී අනතුරට ලක්ව තිබෙනවා.

Read More »

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »