නිවාස ගැටලුවට විසඳුම් සොයන්න ජාතික කැබිනෙට්ටුව අද රැස්වෙයි

ජාතික කැබිනට් මණ්ඩලය අගමැති ඇන්තනී ඇල්බනීස් ගේ ප්‍රධානත්වයෙන් සියලු ප්‍රාන්ත අගමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද බ්‍රිස්බන් නුවරදී රැස්වනවා.

නිවාස ගැටලුව සහ කුළී ගාස්තු සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කිරීමටයි නියමිතව ඇත්තේ.

වසරකට එක් වරක් පමණක් නිවාස කුළී වැඩි කිරීමට අවසර දීම සහ බලහත්කාරයෙන් කුළී නිවැසියන් ඉවත් කිරීම තහණම් කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන්.

මීට මාස කිහිපයකට පෙර ලේබර් පක්ෂ රජය විසින් ෆෙඩරල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල නිවාස පණත් කෙටුම්පත නැවත සම්මත කරගැනීමට සහය ලබාගැනීමද අද අවධානයට යොමු කරන ප්‍රධාන මාතෘකා අතර වනවා.

ඉදිරි වසර 05 තුළදී සමාජ සුබසාධන නිවාස 30,000 ක් ඉදි කර අවසන් කිරිමයි රජයේ සැළසුම වී ඇත්තේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »