ගුවන් යානයක බෝම්බ තර්ජන කල සැකකරු ඇප ඉල්ලයි

සිඩ්නි සිට මැලේසියාව බලා ගමන් ගත් ගුවන් යානයක බෝම්බ තර්ජනයක් ඇති කල පුද්ගලයා වෙනුවෙන් ඇප අයදුම්පතක් ගොණු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මුහම්මඩ් අරිෆ් නම් 45 හැවිරිදි සැකකරු ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කල අතර ඔහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද සිඩ්නි ඩවුනින් සෙන්ටර් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

පුපුරණ ද්‍රව්‍ය ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් කිරීම ඇතුලූ චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව පවතින බවයි ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය නිවේදනය කලේ.

පසුගිය සඳුදා පස්වරු 01.40 ට පමණ ගුවන් ගතවු MH 122 යානයේ හටගත් නොසන්සුන් තත්වයක් හේතුවෙන් එය ආපසු සිඩ්නි ගුවන් තොටුපළට හරවාගෙන පැමිණ පස්වරු 03.47 ට සිඩ්නි ගුවන් තොටුපළට ගොඩබස්වා තිබුණා.

මෙහි ගමන්ගත් මගීන් සංඛ්‍යාව 194 ක්.

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »

ඉන්දියාවට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය චරිත් අසලංකට

ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට චරිත් අසලංක නම් කර තිබෙනවා.

Read More »