වසර 05 කට පමණ පසු අගෝස්තු මාසයේ දිනයක මෙල්බන් නගරයෙන් සටහන් වූ අවම උෂ්ණත්වය අද පෙරවරුවේ සටහන්වී තිබෙනවා.
අද පෙරවරු 07.40 පමණ වනවිට මෙල්බන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.7 ක් ලෙස පැවති බවයි කාළගුණ කාර්යාංශය සඳහන් කලේ.
එමෙන්ම පසුගිය වසරේ ජූලි මාසයෙන් පසු මෙල්බන් නගරයෙන් වාර්තා වූ පහළම උෂ්ණත්වයද මෙයයි.
අගෝස්තු මාසය පුරා මෙල්බන් නගරයේ සාමාන්‍ය උෂ්ණත්වය සටහන් වී ඇත්තේ සෙල්සියස් අංශක 3.4 ක් ලෙසයි.
අද පස්වරුව වනවිට මෙල්බන් උෂ්ණත්වය පුරෝකථනය කර ඇත්තේ සෙල්සියස් අංශක 16 ක් ලෙස පවතිනු ඇති බවටයි.