ඇප නීති ප්‍රතිංස්කරණයට අදාළ යෝජනාව වික්ටෝරියා පාර්ලිමේන්තුවට

ඇප නීති ප්‍රතිංස්කරණයට අදාළ යෝජනාව වික්ටෝරියා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

සුලු වැරදි සඳහා රක්ෂිත බන්ධනාගාරගත කිරීම් අඩු කර ඇප ලබාදීම් පුලුල් කිරීම ඇතුලු ප්‍රතිසංස්කරණ රාශියක් මේ යටතේ සිදුකිරීමට නියමිතයි.

මහජන ආරක්ෂාවට තර්ජනයක් නොවන කටයුතු වලදී ඇප ලබාදීමේ ක්‍රමවේද ලිහිල් කෙරෙනු ඇති.

බරපතල වැරදී සම්බන්ධ චෝදනා ලබන කිසිදු සැකකරුවකුට අදාල ඇප කොන්දේසි කිසිවිටක ලිහිල් නොකරන බව වික්ටෝරියා රජය අවධාරණය කරනවා.

මහජන ආරක්ෂාවට තර්ජනයක් නොමැති පුද්ගලයින් මෙන්ම විශේෂයෙන් කාන්තාවන් රක්ෂිත බන්ධනාගාර භාරයේ තැබීම අවම කිරීමට ද පියවර ගන්නා බවයි වික්ටෝරියා ප්‍රාන්ත නීතිපතිවරිය සඳහන් කළේ.

ත්‍රස්තවාදී හා මිනීමැරුම් නඩු හැර දරුවන් සම්බන්ධ නඩු සඳහා ඇප ලබා දීම් ද මේ යටතේ ලිහිල් වනු ඇති.

දැනට පවතින ඇප නීතී මත සුළු වැරදී හා සම්බන්ධ පුද්ගලයින් හට ඇප ලබා ගැනීමේ පවතින අසීරුතා නව ප්‍රතිසංස්කරන හමුවේ පහව යනු ඇති බවයි වික්ටෝරියා රජය පෙන්වා දෙන්නේ.

ඇප නීති සම්බන්ධව මේ වන විට නීති කෙටුම්පත් සිදුකරමින් පවතින අතර ඊට විපක්ෂයේද සහය ලැබී තිබෙනවා.

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන් දහස් ගණනකගේ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයෙකුගේ අතට

වික්ටෝරියා ප්‍රාන්ත පරිසර ආරක්ෂණ අධිකාරියේ (EPA) බාහිර සම්බන්ධතා මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් විශාල පිරිසකගේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් විසින් ලබාගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »