ඔස්ට්‍රේලියානුවන් 1/6 ක් ක්‍රෙඩිට් කාඩ් ණය ගෙවාගත නොහැකිව අර්බුධයට

ඔස්ට්‍රේලියානුවන් හයදෙනෙකුගෙන් එක් අයෙකු ක්‍රෙඩිට් කාඩ් ණය ගෙවාගත නොහැකිව අර්බුධයට පත්ව ඇති බව නවතම වාර්තා මගින් හෙළිවී තිබෙනවා.

ජීවන වියදම ඉහළ යෑම හමුවේ ඔස්ට්‍රේලියානුවන් විසින් ක්‍රෙඩ්ට් කාඩ් භාවිත කර භාණ්ඩ මිළදී ගැනීම ඉහළ ගොස් ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

පසුගිය ජුනි මාසයේදී ප්ලාස්ටික් ආශ්‍රිත මිලදී ගැනීම් මිලියන 301 ක් පමණ ක්‍රෙඩිට් කාඩ් හරහා සිදු කර ඇති බව සඳහන්.

මේ අනුව දැනට ඔස්ටේ්‍රලියානුවන් විසින් ගෙවීමට පවතින මුලු ක්‍රෙඩිට් කාඩ් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 40.5 දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය ජනවාරි වන තෙක් එම අගය ඩොලර් බිලියන 33.5 සීමාව පසුකර තිබුනේ නැහැ.

ක්‍රෙඩිට් කාට් උපයෝගී කරගනිමින් අත්‍යාවශ්‍ය නොවන මිළදී ගැනීම් සිදු නොකරන ලෙසයි ආර්ථික විශේෂඥයින් ජනතාවට උපදෙස් දෙන්නේ.

ක්‍රෙඩිට් කාඩ් පත් ගණුදෙනුවලට වඩා ඩෙබිට් කාඩ් සේවා වෙත නැඹුරුවීමට හුරුවන ලෙසද ඔවුන් ජනතාවට දන්වා සිටිනවා.

ක්‍රෙඩිට් කාඩ් ගණුදෙනු වලදී මුදල් ගෙවීමට නොහැකි ව ආතතියට පත් ජනතාවට ඒ පිළිබදව මුල්‍ය ආයතනය හා සාකච්ඡා කර විසදුම් ලබා ගන්නා ලෙසද ආර්ථික විශේෂඥයින් ජනතාවට උපදෙස් දෙනවා.

නොමිලේ මූල්‍ය උපදේශන ලබාගැනීම සදහා 1800 007 007 දුරකතන අංකය අමතා ජාතික උපකාරක මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමට ජනතාවට හැකියාව පවතිනවා.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »