මැටිල්ඩාස් තීරණාත්මක Semi Final තරගය අද – වංචාවලත් ඉහළයාමක්

කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරගයට මැටිල්ඩාස් හෙවත් ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායම අද සහභාගී වනවා.

ඒ එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව සිඩ්නි ඔලිම්පික් පාර්ක් ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායම ලබන ඉරිදා සිඩ්නි හිදී පැවැත්වෙන, ඊයේ ස්වීඩනය සමග පැවති අවසන් පූර්ව තරගයෙන් ජයගත් ස්පාඤ්ඤය සමග අවසාන මහා තරගයට සුදුසුකම් ලබනු ඇති.

අද තරගයේ සියලු ප්‍රවේශපත්‍ර ඊයේ දහවල් වනවිට අලෙවි වී අවසන් වූ බවයි තරග සංවිධායකයන් සඳහන් කලේ.

මේ අතර සිඩ්නි නගරයේ පොදු ස්ථාන රැසක පුලුල් තිර මගින් තරගය ප්‍රදර්ශනය කෙරෙන බැවින් අද පස්වරුවේ සිට සිඩ්නි නගරයේ දැඩි තදබදයක් පැවතිය හැකි බවටද අනතුරු ඇගවෙනවා.

නගරයේ සියලුම රථ ගාල් පවා මේ වනවිට වෙන් කරවාගෙන අවසන් බවයි පැවසෙන්නේ.

මේ අතර මැටිල්ඩාස් කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන් ඉලක්ක කර ක්‍රියාත්මක සමාජ මාධ්‍ය වංචාවල ඉහළයාමක්ද නිරීක්ෂණය වී තිබෙනවා.

විශේෂයෙන් විවිධ ත්‍යාග සහ අඩු මිළ ප්‍රවේශපත්‍ර අලෙවි ජාවාරම් ගණනාවක් පිළිබඳ පැමණිලි ලැබී ඇති බවයි ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම නිවේදනය කලේ.

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »