Online භාණ්ඩ ඊට පසු දිනම පාරිභෝගිකයින් වෙත භාරදීමේ නව වැඩපිළිවෙලක්

අන්තර්ජාලය ඔස්සේ මිළදී ගන්නා භාණ්ඩ ඊට පසු දිනම පාරිභෝගිකයින් වෙත භාරදීමේ නව වැඩපිළිවෙලක් Australia Post විසින් ආරම්භ කර තිබෙනවා.

පළමු අධියරේදී මෙල්බන් – සිඩ්නි සහ බ්‍රිස්බන් නගරවල මෙය ක්‍රියාත්මක කෙරෙන අතර අනතුරුව සෙසු නගර වෙතද එය ව්‍යාප්ත කෙරෙනු ඇති.

අන්තර්ජාල මිළදී ගැනීම්වල භාණ්ඩ බෙදා හැරීම කාර්යක්ෂම කිරීම මෙහි අරමුණයි.

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගන්නන්ගෙන් සියයට 68 ක් බෙදාහැරීම් ප්‍රමාද වීම් සම්බන්ධව චෝදනා නගන අතර ඔන්ලයින් මිලදී ගැනීම්වලින් ඉවත්වීමේ ප්‍රවණතාවයක් ද පවතිනවා.

Australia Post පෙන්වා දෙන්නේ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ඇණවුම් සරල, විශ්වාසනීය සහ වේගවත් සේවාවක් බවට පත්කිරීම සිය අපේක්ෂාව බවයි.

එළඹෙන උත්සව සමයත් සමග කාර්යක්ෂම බෙදාහැරීමේ මගින් පාරිභෝගියකයින්ට වැඩි ප්‍රතිලාභ අත්කරදීම මෙම නව වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණක් වී තිබෙනවා.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »