ටස්මේනියා විද්‍යුත් මෝටර් රථ අළෙවිය දෙගුණයකින් ඉහළට

ටස්මේනියා ප්‍රාන්තයේ විද්‍යුත් මෝටර් රථ අළෙවිය පසුගිය මාස 12 තුළ දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අදාළ කාලය තුළ එහි මිළදී ගෙන ඇති සෑම මෝටර් රථ 10 කින් 01 ක්ම විද්‍යුත් මෝටර් රථ බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඔස්ටේ්‍රලියානු ඔටෝ මොබයිල් සංගමයේ වාර්තා අනුව දෙන්නේ 2022 ජනවාරී මස සිට මේ දක්වා ලියාපදිචි කර ඇති සැහැල්ලූ විද්‍යුත් මෝටර් රථ සංඛ්‍යාව සියයට 97 ඉක්මවුවද එහි මිල ගනන් වල පහත වැටීමක් සිදුව නැති බවයි.

ටස්මේනියාවේ මේ වන විට ලියාපදිංචි වාහන ප්‍රමාණය ලක්ෂ 07 කට ආසන්න වුව ද ඉන් 2500 ක පමණ ප්‍රමාණයක් විදූ්‍යත් මෝටර් රථ බවයි වාර්තා වන්නේ.

සංඛ්‍යාත්මකව එය කුඩා අගයක් වුවද ටස්මේනියාව පුරා මේ වන විට විද්‍යුත් මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථාන 120 ක් පමණ ස්ථාපිත කර තිබෙනවා.

තරුණ ප්‍රජාව අතර වඩාත් ප්‍රචලිත විද්‍යුත් මෝටර් රට ඉදිරියේ දී පාරිභෝගිකයින් හට දැරිය හැකි මිල ගණන් යටතේ වෙළඳපලට නිකුත් කිරීමට පියවර ගන්නා බව ද සමාගම් වැඩිදුරටත් පවසනවා.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »