ඉන්දියාවේ සංචාරය සඳහා යන ඔස්ට්‍රේලියානුවන්ට අවධානයෙන් පසුවන ලෙසට ෆෙඩරල් රජය අනතුරු අගවා තිබෙනවා.
මේ දිනවල ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ උද්ගතව ඇති සිවිල් ගැටුම් හා ප්‍රචණ්ඩ ක්‍රියා ඊට හේතුවයි.
ඉකුත් මැයි මස මුල සිට ඉඩම් බලතල සහ රජයේ රැකියා මූලික කරගෙන ප්‍රධාන ජනවාර්ගීක කණ්ඩායම් 2ක් අතර ඇතිවු ගැටුම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 150 ක් පමණ මියගොස් 50,000 කට අධික පිරිසක් අවතැන් වී ඇති බව සඳහන්.
පෙළපාළි හා ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ ප්‍රාන්තය පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර අන්තර්ජාල පහසුකම් ද බිදවැටී තිබෙනවා.
මේ දිනවල ඉන්දියාවේ මනිපූර්හි වෙසෙන ඔස්ට්‍රේලියානුවන් මහජන එකරාශීවීම් මග හැර නිරතුරුව මාධ්‍ය නිවේදන පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි ෆෙඩරල් රජය උපදෙස් ලබා දෙන්නේ
ප්‍රාන්තය පුරා ප්‍රවාහන සේවාද අඩාල වී ඇති හෙයින් මේ දින වල ඉන්දීයාවේ සංචාරය සඳහා යෑමේදී සැලකිලිමත් වන ලෙස ෆෙඩරල් රජය ජනතාව දැනුවත් කරනවා.