Search

සැප්තැම්බර් පොළී අනුපාතික වෙනසක් නොවන බවට ඉගියක්

ජූනි මාසයෙන් අවසන්වූ මාස 12 තුළදී ඔස්ට්‍රේලියාවේ වැටුප් වැඩිවීමේ ප්‍රතිශතය සියයට 3.6 ක් ලෙසට තක්සේරු කර තිබෙනවා.

මාර්තු මාසයෙන් අවසන්වූ මාස 12 තුළ එය සටහන්වී තිබුණේ සියයට 3.7 ක් ලෙසයි.

ගතවු වසර 13 ක දත්ත සැළකීමේදී ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් වර්ධන වේගය සියයට 3.8 ක් ලෙස පැවතී ඇත්තේ 2012 වසරේදීයි.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය විසින් අද නිකුත් කල නවතම දත්ත අනුව අඛණ්ඩව 03 වන කාර්තුවටත් මෙවර ජූනි කාර්තුවේදීත් වැටුප් වර්ධන වේගය සියයට 0.8 ක මට්ටමේ පැවතී ඇති බව සඳහන්.

සැප්තැම්බර් මාසය සඳහාත් පොළී අනුපාතික අගයන්හි වෙනසක් සිදු නොවනු ඇති බවට මෙමගින් ඉගි පළවන බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »