මැටිල්ඩාස් හෙවත් ඔස්ට්‍රේලියා කාන්තා පාපන්දු කණ්ඩායම මෙවර ලෝක කුසලානය ජයගතහොත් මුලු රටටම නිවාඩුවක් දීමේ යෝජනාවට විපක්ෂ ලිබරල් සන්ධානය ද විරෝධය පළකරනවා.
විපක්ෂ නායක පීටර් ඩට්න් අවධාරණය කරන්නේ මෙය අගමැති ඇන්තනී ඇල්බනීස් ගේ දේශපාලන ක්‍රීඩාවක් පමණක් බවටයි.
එක් දිනයක නිවාඩුවක් යනු ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 02 ක පාඩුවක් සිදුවීමක් බව විපක්ෂ නායකයාගේ ස්ථාවරයයි.
කණ්ඩායමේ ජයග්‍රහණය තමාගේ පුද්ගලික ජයක් ලෙස හුවා දැක්වීමේ පටු උත්සාහයක අගමැතිවරයා නිරත වී සිටින බවටද පීටර් ඩට්න් චෝදනා කරනවා.
මෙම නිවාඩු යෝජනාවට නැෂනල්ස් පක්ෂයද මේ වනවිටත් විරෝධය පළ කර තිබෙනවා.
මැටිල්ඩාස් කණ්ඩායම සහ එංගලන්තය අතර අවසන් පූර්ව වටයේ තරගය හෙට සිඩ්නි හිදී පැවැත්වීමට නියමිතයි.