මැලේසියා ගුවන් යානයේදී කළහකාරීව හැසිරුණු කැන්බරා පදිංචිකරුට චෝදනා ගොනු කරයි

සිඩ්නි නුවරින් මැලේසියාව බලා ගුවන් ගතවූ මැලේසියානු ගුවන් සේවයට අයත් යානයකදී කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයාට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.

කැන්බරා හි පදිංචි 45 හැවිරිදි අයෙකුට මෙලෙස චෝදනා ගොනු කර ඇති අතර ඔහු අද සිඩ්නි අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුපුරණ ද්‍රව්‍ය ඇති අසත්‍ය ප්‍රකාශයක් කිරීම ඇතුලු චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව පවතින බවයි ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය නිවේදනය කලේ.

ඊයේ පස්වරු 01.40 ට පමණ ගුවන් ගතවු MH 122 යානයේ හටගත් නොසන්සුන් තත්වයක් හේතුවෙන් එය ආපසු සිඩ්නි ගුවන් තොටුපළට හරවාගෙන පැමිණ පස්වරු 03.47 ට සිඩ්නි ගුවන් තොටුපළට ගොඩබස්වා ඇති බවයි සිඩ්නි බළධාරීන් සඳහන් කලේ.

පස්වරු 06.30 ට පමණ සියලු මගීන් යානයෙන් ඉවත් කිරීමටයි ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය කියාසිටියේ.

මෙහි මගීන් 194 දෙනෙකු සිටි අතර මෙම සිද්ධිය හමුවේ සිඩ්නි ගුවන් තොටුපළට පැමිණෙන සහ පිටත්වන සියලූ ගුවන් යානාවල ප්‍රමාදයන් හටගෙන තිබුණා.

මේ අතර මෙම සිද්ධියට ප්‍රතිචාර දැක්වීමට පැය 03 කට ආසන්න දීර්ඝ කාලයක් ගත කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය ප්‍රතික්ෂේප කරනවා.

සිය අරමුණ ගුවන් යානා තුළ සටන් බිමක් ඇති කිරීම නොවන බවත් මගීන්ගේ ආරක්ෂාව ප්‍රමුඛතම කාර්යය බවත් ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය අවධාරණය කරනවා.

පිහියකින් සන්න්ධ වූ මෙල්බන් කාන්තාවට පොලිසියෙන් වෙඩි

මෙල්බර්න් තෝන්බරි ප්‍රදේශයේදී පිහියකින් සන්නද්ධව සිටි කාන්තාවකට පොලිසිය කළ වෙඩි තැබීමකින් ඇය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

පිහි අපරාධ පාසල්වලටත් පැතිරෙයි?

බටහිර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්ෆීල්ඩ්ස්හි (Goldfields) පාසලකදී සිසුවෙක් විසින් පිහියක් පෙන්වා තවත් සිසුවෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බටහිර ඔස්ට්‍රේලියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාර පිළිබඳ දෙමාපියන් කනස්සල්ල පළ කර තිබෙනවා.

Read More »

මෙල්බන් සුපිරි වෙළඳසැල් කොල්ලයේ තවත් තොරතුරු එළියට

මෙල්බර්න් නගරයේ සුපිරි වෙළඳසැල් හතරකට තියුණු ආයුධ සහිතව කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායම හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට සූදානම් බව පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙන්නම රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

Read More »

උපන් දිනය පෙනි පෙනී “සිඩ්නි” ගුවන් යානයේදී මියයයි

චිකාගෝ වෙත ගමන් කරමින් තිබූ ගිය ස්කයිවෙස්ට් ගුවන් යානයකදී අට හැවිරිදි දැරියක් හදිසියේ මිය යාම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

Read More »

ස්කොට්ලන්තයට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස් කළා. පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Travis Head ලකුණු 68ක් ලබා ගත්තා. මේ

Read More »