ඔස්ට්‍රේලියාවේ නිවාස රක්ෂණ වාරික ගතවූ මාස 12 දී ඉහළ යාම 28% ක්

ඔස්ට්‍රේලියාවේ නිවාස රක්ෂණ වාරික ගතවූ මාස 12 දී ඉහළ යාමේ ප්‍රතිශතය සියයට 28 ක් ලෙසට තක්සේරු කර තිබෙනවා.

ඒ අනුව වසරක වාරිකවල ඉහළයාම ඩොලර් 400 කින් ඉහළ ගොස් ඇති අතර මාසික වාරිකයක සාමාන්‍ය අගය වැඩිවී ඇත්තේ ඩොලර් 1894 ක් දක්වායි.

ජල ගැලීම් වැනි ඉහළ අවදානම් කළාප වල ජීවත් වන ජනයාගේ නිවාස රක්ෂණ සියයට 50 කින් පමණ ඉහළයාම ප්‍රබල ගැටලුවක් බවද සඳහන්.

නිවාස රක්ෂණ වාරික ඉහළ යෑමත් සමග ජනතාව සැළකිය යුතු පිරිසක් එම රක්ෂණාවරණවලින් ඉවත්වීමට පියවර ගෙන තිබෙනවා.

නිවාස රක්ෂණයන්ගෙන් ඉවත්ව අවිධිමත් මුදල් ආධාරක ක්‍රම වෙත ජනතාව යොමුවීමේ ප්‍රවණතාවයක් ද පවතින බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගිය වසර දෙකක කාලය තුළ සිදුවු ස්වභාවික විපත් හේතුවෙන් ෆෙඩරල් රජයට දැරීමට වු නිවාස ප්‍රතිසංස්කරණ වියදම ද ඉහළ ගොස් තිබෙනවා.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »