Search

ගතවූ මාස 12 දී ඔස්ට්‍රේලියාවේ ආහාර මිළ 7.5% කින් ඉහළට

ගතවූ මාස 12 තුළදී ඔස්ට්‍රේලියාවේ ආහාර මිළ ගණන් සමස්තයක් ලෙස සියයට 7.5 කින් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය ජුනි මාසයේ දී වැඩිම අගයකින් මිළ ඉහළගොස් ඇත්තේ පාන් සහ කිරි ආශ්‍රිත නිශ්පාදනවලයි.

කිරි ආශ්‍රිත නිශ්පාදනවල උද්ධමනය සියයට 15.2 ක් වන අතර පාන් ඇතුලු ධාන්‍ය ආශ්‍රිත නිශ්පාදන වල උද්ධමනය සියයට 11.2 ක්.

කෙසේවෙතත් පළතුරු හා මස් නිශ්පාදනවල මිළ ගණන් සාපේක්ෂව අඩු අගයන්ගෙනුයි ඉහළ ගොස් ඇත්තේ.

සැපයුම් ජාලවල පවතින ගැටලු හා ප්‍රවාහනයේ පවතින ගැටලූකාරි තත්වය මෙලෙස ආහාර මිළ ඉහළයාමට බලපා ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා සඳහන් කරන්නේ.

ඉදිරි වසරේදී සමස්තයක් ලෙස උද්ධමනය පහළ වැටෙනු ඇතැයි අපේක්ෂා කළ ද ආහාර මිළ ගණන් හි පහත වැටීමක් ඉන් අපේක්ෂා කල නොහැකි බවටද අනාවැකි පළවනවා.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »